Categories

 Loading... Please wait...
  • Wistharrtha Dammapadaya 26 - අමා දම්රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය 26: බ්‍රාහ්මණ වර්ගය (MHM-255)

Wistharrtha Dammapadaya 26 - අමා දම්රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය 26: බ්‍රාහ්මණ වර්ගය

$3.60
SKU:
MHM-256
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Wistharrtha Dammapadaya 26

අමා දම්රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය 26: බ්‍රාහ්මණ වර්ගය

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

  • Paperback:207pages
  • Publisher: Dayawansa Jayakody 
  • Language: Sinhalese
  • ISBN- 9789556862829

පුංචි ගාථාවකින් අරුත් කැටි කරන ලද විසිතුරු ධර්මයන්ගෙන් හෙබි "ධම්ම පදය" ඉතා රසවත්ය. එම උතුම් ගාථා රත්නයෙන් දේශනා කිරීමට පාදක වී ඇති කතා ප්‍රවෘත්තීන් ද හරි අගනේය. "ධම්ම පදය" නම් වූ රසාසාරය මටසිලිටි භාෂාවකින් කියවන්නාට ලැබේනම් කෙතරම් අගෙනේද? එමෙන්ම එම ගාථාවලින් මතුවන දහම් කරුණු විස්තර වශයෙන් තොරා දීමත්, එයට පසුබිම් වූ කතා වස්තුවන් මනස්කාන්ත භාෂා රටාවකින් එකම පොතකින් කියවා දැනගැනීමට ලැබේනම් එය ඊටත් වඩා භාග්‍යක් නොවේද.

ඒ උතුම් භාග්‍ය ඔබට තිලිණ කරමිනුයි "අමා දම් වැහෙන විස්තරාර්ථ ධම්ම පදය" පොත් පෙළ යලි දැක්වූයේ. ධර්මශ්වදයෙන් සිත් සතන් පිනා යන මෙම ග්‍රන්ථයන් කියවද්දී මෙමගින් දම් රස වෙහෙන අයුරු ඔබටම පසක් වේවි. මෙහි ඇති තවත් සුවිශේෂීත්වයක් වන්නේ සැම ගාථාවක් උදෙසාම අරුත් ඉස්මතුවන අයුරින් නිමැවූ සුන්දර සිතුවම් පෙළකින් සමලංකෘත වී තිබිමයි.

ගාටා 423 කින් සමන්විත වූ ධම්මපදය වග්ග 26ක් යටතේ ගොනුවී තිබේ.එනිසා කුඩා ප්‍රමාණයේ පොත් 26 කින් යුතු පොත් පෙළක් වශයෙනි, මෙම ග්‍රන්ථය ඔබට තිළිණ වන්නේ. කුඩා වයසේ පසුවන දරුවන්ට්ත්, තරුණ, මහළු කා හටත් එකසේ ප්‍රයෝජනවත් වන මෙම ධර්මයෙන් රස විඳිමින් ඊට අනුව ජීවිතය ගතකරන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද....?

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!